ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන නායකත්ව සංකීර්ණයට පහළින් ස්ථාපිත කර තිබූ අතිශය රහස්‍ය භූගත හමුදා බංකරයක් ඉලක්ක කර ගනිමින් ඊයේ (2026 මාර්තු 06) අලුයම ඊශ්‍රායල ගුවන් හමුදාව (IAF) විසින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) තහවුරු කරන පරිදි, ප්‍රහාරක යානා 50ක් පමණ යොදාගෙන බෝම්බ 100කට අධික ප්‍රමාණයක් හෙළමින් මෙම ප්‍රධාන විධාන සහ පාලන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.
ටෙහෙරානයේ වීදි කිහිපයක් යටට විහිදී තිබූ මෙම විශේෂ බංකරය, හිටපු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙන්නි ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හදිසි අවස්ථාවන්හිදී යුද මෙහෙයුම් මෙහෙයවීම සඳහා භාවිත කළ අතිශය සුරක්ෂිත ස්ථානයක් ලෙස සැලකේ.
මෙම තීරණාත්මක ප්‍රහාරය දියත් කිරීම සඳහා ඊශ්‍රායලයේ 'Unit 8200' සහ 'Unit 9900' යන ප්‍රභූ බුද්ධි අංශ විසින් වසර ගණනාවක් පුරා රැස් කරන ලද තොරතුරු මෙන්ම සූක්ෂ්ම සිතියම්ගත කිරීම් උපයෝගී කරගෙන ඇති බව වාර්තා වේ.
කමෙන්නිගේ අභාවයෙන් පසුව වුවද, ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් විසින් යුද මෙහෙයුම් සැලසුම් කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය අඛණ්ඩව භාවිත කර ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව ඊශ්‍රායලය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. මෙම ප්‍රබල ප්‍රහාරය හරහා ඉරාන පාලන තන්ත්‍රයේ හමුදාමය තීන්දු තීරණ ගැනීමේ හැකියාව සහ මෙහෙයුම් ජාලය තවදුරටත් දැඩි ලෙස අඩාල වනු ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙ.
