🔰 - මැදපෙරදිග දේශපාලන අහසේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉරාන රාජ්‍යයේ බලකණු කිහිපයක් එකට යා කළ "මහා පාලම" ලෙස සැලකෙන "අලි ලාරිජානි" ඝාතනයට ලක් වුනා.
🔰 - ඔහුගේ ඝාතනයත් සමඟ ඉරාන නායක මොජ්ටබා ඛමේනි නිකුත් කළ ප්‍රකාශය මේ වනට විට ලෝකයම කම්පනයට පත් කර ඇත.👇
🚫"මෙම අපරාධකරුවන්ට ඔහුගේ ලේ වෙනුවෙන් ඉතා ඉක්මනින් වන්දි ගෙවීමට සිදුවනු ඇත"🚫
🔰 - යනුවෙන් ඔහු කළ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ, ඉරානය දැන් සිටින්නේ සීමාව ඉක්මවා ගිය කෝපයකින් බවයි.
🔰 - මෙය හුදෙක් වචනවලට සීමා වූ තර්ජනයක් නොව, මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයක මාලාවක පෙරනිමිත්තක් බවඅමුතුවෙන් කිව යුතු නොවේ.
🔰 - විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි ප්‍රකාශ කරන්නේ, උත්තරීතර නායක අලි ඛමේනිගේ අහිමි වීම හමුවේ පවා ඉරානය නොසැලී සිටි ආකාරයටම, ලාරිජානිගේ අහිමි වීමද රටේ දේශපාලන හෝ ආර්ථික ව්‍යුහය බිඳ දැමීමට සමත් නොවන බවයි.
🔰 - කෙසේ වෙතත් "අලි ලාරිජානි" මරණය හුදෙක් එක් පුද්ගලයෙකුගේ සමුගැනීමක් නොව, සමස්ත ලෝක දේශපාලනයම මහා ගිනි ජාලාවකට ඇද දැමිය හැකි බිහිසුණු යුධ ටොනාඩෝවක්.
🔰 - අලි ලාරිජානි යනු ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ සාමාන්‍ය දේශපාලනඥයෙකු නොවේ.
🔰 - ඔහු ඉරානයේ ආරක්ෂක ව්‍යුහය, ආගමික නායකත්වය සහ දේශපාලන උපාය මාර්ගයන් එකට ගැටගැසූ සුවිශේෂී මධ්‍ය ලක්ෂ්‍යයයි.
🔰 - විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ තිබූ සමීප සබඳතාවයත්, පූජක පක්ෂය තුළ ඔහුට තිබූ ගෞරවයත් නිසා ඔහු ඉරානයේ "විරල ගණයේ බල බ්‍රෝකර්වරයෙකු" ලෙස හැඳින්විණි.
🔰 - ඔහුගේ අහිමි වීම, ඉරාන පාලන තන්ත්‍රයේ තීරණ ගැනීමේ හැකියාව බරපතල අර්බුදයකට ඇද දමා ඇත.
🔰 - සංඛ්‍යාලේඛන පවසන ආකාරයට පෙබරවාරි 28 වැනිදා සිට ඇවිලී යන මෙම යුද්ධය මේ වන විටත් දහස් ගණනකගේ ජීවිත බිලිගෙන අවසන්.
🔰 - ඉරාන වාර්තා අනුව 3,100 කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර ළමුන් 200ක් සහ සිවිල් වැසියන් 1,300ක් සිටීම ඉතා ඛේදජනකයි.
🔰 - මේ අතර ඊශ්‍රායලය සහ ඇමරිකාවේ , දෙපාර්ශවයේම සැලකිය යුතු ජීවිත හානි සිදුව ඇති අතර, උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම මියගොස් ඇත.
🔰 - විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ලාරිජානි වැනි පළපුරුදු නායකයෙකු අහිමි වීම නිසා ඉරානයේ මීළඟ පියවර වඩාත් ආවේගශීලී විය හැකි බවයි.
🔰 - පද්ධතිය ඇතුළත සිටි "මධ්‍යස්ථ සහ උපායමාර්ගික" හඬවල් නිහඬ වීමත් සමඟ, කලාපීය යුද්ධයක් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
🔰 - ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන මෙම අඛණ්ඩ ප්‍රහාර හමුවේ ඉරානය සිය උපරිම ශක්තිය යොදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව පෙනෙන්නට තිබේ.
🔴- අවසාන වශයෙන් කියන්නට ඇත්තේ - අලි ලාරිජානිගේ ඝාතනය යනු මැදපෙරදිග දේශපාලන සිතියම අලුතින් ලිවීමට බලකරන සිදුවීමකි. සතුරන් විසින් බිඳ දමන ලද මෙම "බල කේන්ද්‍රය" වෙනුවට ඉරානය ගොඩනගන ප්‍රතිචාරය කුමක්ද? මුළු ලෝකයම දැන් සිටින්නේ නොනිවෙන ගිනි ජාලාවක අද්දරය. යුද්ධයේ රුදුරු බව තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, සාමය යනු දැන් මිරිඟුවක් පමණක් වී ඇත.

