gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

රියදුරෙකුගේ අතවරයකින් බේරීමට තරුණියක් මුළු රැයක් වනයේ සැඟවී ඉදල!

ඉන්දියාවේ දිල්ලි නුවර පදිංචි 22 හැවිරිදි තරුණියක්, තක්සි රියදුරෙකුගේ ලිංගික අතවර උත්සාහයකින් බේරීම සඳහා මුළු රාත්‍රියක් පුරා වනාන්තරයක සැඟවී සිටීමේ පුවතක් නයිනිටාල් ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ හල්ද්වානි සිට නයිනිටාල් බලා තනිවම ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ දී තිබේ.

පොලිසිය පවසන පරිදි, බීමත්ව සිටි රියදුරු ප්‍රධාන මහාමාර්ගයෙන් ඉවතට වාහනය පදවා පතවාදන්ගර් ප්‍රදේශයේ පාළු ස්ථානයක නතර කර ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇත. එහිදී ඇය දැඩි ලෙස විරෝධය පෑම නිසා රියදුරු ඇයට පහර දී ඇති අතර, තම ජීවිතය බේරා ගැනීම සඳහා ඇය වාහනයෙන් පැන අසල වූ ඝන වනාන්තරයට දිව ගොස් තිබේ. තරුණිය කෑගැසීමත් සමඟ බියට පත් සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව සඳහන් වේ.

බිය නිසා මුළු රාත්‍රියම වනාන්තරයේ සැඟවී සිටි මෙම තරුණිය, ඊයේ (06) උදෑසන ප්‍රදේශවාසියෙකුගේ සහාය ඇතිව පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති අතර, අදාළ රියදුරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය කර ඇති මෙම සිදුවීම පිළිබඳව ඉන්දීය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka