gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අපේ උන්ටත් නැති දඩ පාකිස්තානෙට! ලංකාවට ගහලත් පාකිස්තාන් ක්‍රීඩකයින්ට ලක්ෂ 54ක දඩයක්!

මෙවර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීම හේතුවෙන්, පාකිස්ථාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත දැඩි මූල්‍යමය දඬුවම් පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පියවර ගෙන තිබේ. 

ඒ අනුව, සෑම ක්‍රීඩකයෙකුගෙන්ම අමෙරිකානු ඩොලර් 18,000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 54 කට අධික) දඩ මුදලක් අය කරගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මින් ඉදිරියට ක්‍රීඩකයින් සඳහා මූල්‍ය වරප්‍රසාද ලබා දෙනුයේ ඔවුන්ගේ දක්ෂතා සහ තරගයේ ප්‍රමිතිය මත පමණක් බවත්, ක්‍රීඩකයින්ට අනවශ්‍ය වරප්‍රසාද ලබා දෙමින් ඔවුන්ව සුරතල් කිරීමේ ප්‍රතිපත්තිය මෙතෙකින් අවසන් කරන බවත් පාලක මණ්ඩල බලධාරීන් විසින් ක්‍රීඩකයින් වෙත දැඩිව දැනුම් දී ඇත.

පසුගිය පෙබරවාරි 15 වන දින ඉන්දියාව හමුවේ ලැබූ පරාජයත් සමඟ මෙම දඩ මුදල පැනවීමට මූලික තීරණය ගෙන තිබූ අතර, කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවේ නම් එම දඬුවම අහෝසි කිරීමට පාලක මණ්ඩලය එකඟ වී තිබුණි. 

එහෙත්, ශ්‍රී ලංකාව සමඟ පැවති තීරණාත්මක තරගයේදී අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා පාකිස්ථානයට ලකුණු 65 ක දැවැන්ත ජයග්‍රහණයක් අවශ්‍යව තිබූ නමුදු, ඔවුන්ට වාර්තා කළ හැකි වූයේ ලකුණු 5 ක පටු ජයග්‍රහණයක් පමණි. විරාත් කෝලිගේ වාර්තාවක් ද බිඳ හෙළමින් මෙවර තරගාවලිය තුළ ලකුණු 383 ක් රැස් කළ සහිබ්සාදා ෆර්හාන් ද මෙම දඬුවමට ලක් වූ ක්‍රීඩකයින් අතරට ඇතුළත් වීම විශේෂත්වයකි. පාකිස්ථාන කණ්ඩායමක් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වූ සිව්වන අඛණ්ඩ අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka