🔰 - නීතිය අකුරටම ඉටු වී ඇති නමුත් , අද අපේ රටේ "මනුෂ්‍යත්වය" පරාජය වී ඇත!
🔰 - පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ඔබ සැවොම දුටු ඒ කරුණාවන්ත සතුන්ට පිහිටවන තරුණයා ඔබට මතකද?
ඔහුගේ ෆේස් බුක් ගිණුම ඇත්තේ " Minisa "මිනිසා" යන නමින්..
🔰 - බැකෝ යන්ත්‍රයකට හසුවී කොන්ද කැඩී, ලේ විල් මැද මියයන්නට ගිය අසරණ පිඹුරෙකු (Python) තමන්ගේ නිවසට රැගෙන ගොස්, දරුවෙකුට වගේ සාත්තු කරමින්, ඒ සතාගේ පණ බේරාගත් මේ තරුණයා අද අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වී හමාරයි.
🔰 - අනුකම්පාව උපදවා ගත නොහැකි යන්ත්‍රයකට හසුවී විනාශ වන්නට ගිය ජීවිතයක්, මේ තරුණයා තමන්ගේ මහන්සියෙන් සහ කැපවීමෙන් 80%ක්ම සුවපත් කර ඇත.
🔰 - නමුත් සිදු වූයේ අනපේක්ෂිත දෙයකි.😔
🔰 - යමෙකු කළ ඔත්තුවකට අනුව පැමිණි වනජීවී නිලධාරීන්, සතාව තමන්ගේ භාරයට ගෙන තරුණයාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
🔰 - රුපියල් 1,00,000ක ශරීර ඇප මත මුදා හැර සිටි මොහුට, අද අධිකරණයෙන් රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.
🔰 - අප නැගිය යුතු ප්‍රශ්නය මෙයයි👇
" 🚫 - නීතිය කියන්නේ මිනිසුන් සහ සතුන් ආරක්ෂා කිරීමට මිස, මනුෂ්‍යත්වය මරා දැමීමටද? ශ්‍රී ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව පිඹුරා ආරක්ෂිත සත්වයෙකු බව ඇත්ත. නමුත් සතුන් දඩයම් කරන, මස් කරන, විකුණන නරුමයන් නිදැල්ලේ සිටියදී, මැරෙන්නට ගිය සතෙකුට පණ දුන් මිනිසෙකු වැරදිකරුවෙකු කරන්නේ කෙසේද?"
🔰 - වනජීවී නිලධාරීන්ට මෙය මානුෂීය පදනමක් මත අවවාද කර, සතාව නිසි මධ්‍යස්ථානයකට යොමු කිරීමට හැකියාව තිබුණි.
🔰 - නමුත් ඔවුන් තෝරාගත්තේ නීතියේ වියරු රකුසා ලවා මේ තරුණයාගේ හදවත බිඳ දැමීමයි.
🔴- අවසානයේ සිදු වූ යේ 👇
🚫 "ආයෙ නම් පිඹුරෙක් වගේ තබා අසරණ සතෙක් දිහා බලන්නෙවත් නෑ..." - අද ඒ තරුණයා පවසන මේ වචන පෙළ අපේ රටේ සත්ව කරුණාවට එල්ල වූ මරු පහරකි. මින් ඉදිරියට පාරක තුවාල වී සිටින සතෙකු දුටුවිට, සාමාන්‍ය මිනිසෙකු උදව් කිරීමට පෙර දෙවතාවක් සිතනු ඇත. ඒ බිය ඇති කළේ අපේ රටේ "නීතියයි".
🔰 - මනුෂ්‍යත්වය දඩ ගැසිය යුතු වරදක්ද?
🔰 - නීතියට හදවතක් නැති විය හැක, නමුත් අපට හදවතක් ඇත. මේ අසාධාරණයට එරෙහිව අපේ හඬ අවදි කළ යුතුය. නැතහොත් හෙට දවසේ මේ රටේ මනුෂ්‍යත්වය වැළලී යනු ඇත.

