gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලංකාවේ පිරිසිදු පානිය ජලය සෞදියට අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.. මාසිකව ඩොලර් මිලියන 25 ක ආදායමක් ලබන්න පුළුවන් සුපිරි ක්‍රමයක්..

අපි හැමදාම කතා වෙන්නේ අපේ රටේ ආර්ථික අර්බුදය ගැනනේ. හැබැයි මේ කියන්න යන්නේ ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලැබෙන්න යන සුපිරිම අවස්ථාවක් ගැන. මේක ඇහුවාම හිතාගන්න බැරිවෙයි අපේ රට මෙච්චර පොහොසත්ද කියලා..?

🏜️ ඔයාලා දන්නවාද සෞදි අරාබිය කියන්නේ ලෝකයේ බලවත්ම රටක් වුණාට, ඒ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා..? ඒ තමයි පිරිසිදු පානීය ජලය. සෞදිය තමන්ගේ ජල අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරා ගන්නේ මුහුදු වතුර පිරිපහදු කරලා. හැබැයි යන්ත්‍රවලින් කොච්චර පෙරා ගත්තත්, ඒ වතුරේ ලවණ ගතිය (Salinity) 3%ක් විතර ඉතිරි වෙනවා. මේ නිසා සෞදි වැසියෝ ලොකු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීලා ඉන්නේ.

එහේ තෙල් ලාභ වුණාට, පිරිසිදු වතුර කියන්නේ රත්තරන් වගේ දෙයක්. දැනට ඔවුන් ස්විට්සර්ලන්තයෙන් බෝතල් කරපු වතුර ගේන්නේ ලීටරයක් අපේ සල්ලිවලින් රුපියල් 6,000කට විතර.. හිතාගන්න පුළුවන්ද ඒ අගය..?

🍃 මෙන්න මෙතැනදී තමයි අපේ ලංකාවට ජැක්පොට් එක වැදිලා තියෙන්නේ. සිංහරාජයයි, නකලස් වනාන්තරයයි ආශ්‍රිතව තියෙන ලෝකයේ පිරිසිදුම වතුර අපිට පුළුවන් අරාබි රටවලට යවන්න මොකද ඔවුන්ට ඕනේ බෝතල් වතුර නෙවෙයි, ගැලුම් මිලියන ගණනින් අපේ නැවුම් උල්පත් ජලය ලබාගන්න..

ඉතින් අපිට පුළුවන් මෙහම යෝජනා ඉදිරිපත් කරන්න...

වතුරට මුදල් - අපි දෙන වතුරට ඔවුන් සෘජුවම ඩොලර් ගෙවනවා. (ආසන්න වශයෙන් මාසිකව ඩොලර් මිලියන 25ක ආදායමක්)

වතුරට තෙල් (Water for Oil) - මේක තමයි සුපිරිම වැඩේ. අපිට ඕනේ තරම් තෙල් දෙනවා, වෙනුවට ඔවුන්ට ඕනේ තරම් වතුර දෙන්න.

"අපි තෙල් නැතිව බැට කනවා වගේම, සෞදිය වතුර නැතිව බැට කනවා." ඉතින් මේක දෙපැත්තම දිනන දිනන ගේම් එකක්..

🔥දැනට පවතින දේශපාලන තත්ත්වයන් එක්ක ඉරානය විසින් සෞදියේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලට මිසයිල ප්‍රහාර එල්ල කලොත් ඔවුන් උග්‍ර ජල අර්බුදයකට මැදි වෙනවා. ඉතින් මේක තමයි අපේ රටට "තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්චගන්න" තියෙන හොඳම අවස්ථාව.

අපේ අතීත පාලකයෝ වගේ නෙවෙයි, දැන් ඉන්න පිරිස මොළයෙන් ගේම ගහනවා නම්, මේකෙන් අපේ රටේ ණය බර විතරක් නෙවෙයි, මුළු ආර්ථිකයම ස්ථාවර කරන්න පුළුවන්. ලක් මාතාවගේ මේ සොබාදහමේ දායාදය නිවැරදිව කළමනාකරණය කළොත්, අපිට ආයේ කවදාවත් තෙල් පෝලිම්වල ඉන්න වෙන්නේ නැහැ.. ඉතින් අපේ මේ යෝජනාව ගැන ඔයාලගේ අදහස මොකද්ද..?

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka