gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

2027 දක්වා බුකින් තිබුණ පෑලි‍යගොඩ 'ඩබල් නෝනා' ස්පා වටළයි!

සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරිනිය සහ තවත් කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය සමත් වී තිබේ. 'ඩබල් නෝනා' ස්පා නමින් ප්‍රකටව තිබෙන මෙම සම්බාහන මධයස්ථානයේ සරාගී වැඩිහිටි කතුන් දෙදෙනෙකු සේවා සපයන බවට ප්‍රදේශය පුරා ප්‍රසිද්ධියක් උසුලා ඇත.

පොලිසියට ලැබුණු නිශ්චිත තොරතුරකට අනුව පෙරේදා  (17) පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම නීතිවිරෝධී ආයතනය පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදලට ලිංගික සේවාවන් සැපයීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට පත් වූ මෙම සැකකාරියන් දෙදෙනා ඕපනායක සහ හෙයියන්තුඩුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවට තහවුරු වී ඇත.

කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා ව්‍යාපාරයට අධික ඉල්ලුමක් පැවති බවත් වේලාවන් වෙන් කරගැනීම 2027 දක්වා සිදුකර තිබූ බවත් වාර්තා විය.මෙහි සේවා සැපයීමේදී දෙන්නා සමග එක්ව සහ වෙන වෙනම සේවා ලබාදීම් සිදුව ඇති අතර ඒ අනුව විශාල මිල ගණන් නියම කර තිබී ඇත.

ඔවුන් දෙදෙනා වයස අවුරුදු 49 සහ 51 යන වයස් සීමාවන්හි පසුවන්නියන් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙම ව්‍යාජ සම්බාහන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සහ ඊට සම්බන්ධ ජාලය පිළිබඳව පෑලියගොඩ පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka