gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඕමානයටත් පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව හෙළි වෙයි!

ඕමානය එක්ක ලෝක කුසලාන පෙර පුහුණු තරගයක් පැවැත්වුනා. ඒ තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා A කන්ඩායම ක්‍රීඩා කරන්නට සූදානමින් සිටියා. එම සංචිතයේ මේ වනවිට ශ්‍රී ලංකා ලෝක කුසලාන මූලික සංචිතයේ සිටි මිලාන් රත්නායක, සහන් ආරච්චිගේ, ට්‍රැවීන් මැතීව්, ලහිරු උදාර, දුශාන් හේමන්ත, වැනි ක්‍රීඩකයින් රාශියක් සිටියා.

හැබැයි අන්තිම මොහොතේ ශ්‍රී ලංකා A කන්ඩායම සහභාගි නොකර ශ්‍රී ලංකා නැගීඑන සංචිතය යැයි කියමින් අහසින් පාත් වුනු ක්‍රීඩකයින් රාශියක් ඇතුළත් කරමින් කන්ඩායමක් සකසා එම සංචිතය ඕමානය සමග තරගයට සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසාන මොහොතේ තීරණය කරනවා.

මං අහන්නේ මෙච්චරයි !
නැගීඑන කන්ඩායමකවත් සිටීමට නොහැකි ක්‍රීඩකයින් රාශියක් එකතු කරමින් ඕමානයට එරෙහි තරගයට ක්‍රීඩා කරවූ කන්ඩායමෙන් අපිට මේ වෙලාවේ ඇති ඵලය මොකද්ද ?

හෙට අනිද්දා ලෝක කුසලානයක් ක්‍රියාත්මක වෙනවා. හදිසියේ හරි ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයෙක් ආබාධ වුනොත් ඒ සදහා ආදේශක ක්‍රීඩකයෙක් යොදා ගන්න වෙන්නේ මේ ලෝක කුසලානය සදහා නම්කල මූලික සංචිතයේ ක්‍රීඩකයින් අතරින්…

හැබැයි අපි ලෝක කුසලාන මූලික සංචිතයේ ඉන්න ක්‍රීඩකයින් බහුතරයක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය ගෙදර තියලා ඇච්චෝ බැච්චෝ ටිකක් දාගෙන ඕමානයට පරදිනවා.

තරග පරාජය නෙමෙයි මෙතන ගැටලුව… මේ වෙලාවේ ලෝක කුසලාන සංචිතයේ නැති හැබැයි මූලික සංචිතයේ සිටින ක්‍රීඩකයින්ට ලැබෙන මෙවැනි පුහුණු තරගවල වැඩි අවස්ථාවක් දීලා එයාලව ෆෝම් එකේ තියාගන්න එක තමයි අපි කරන්න ඕනි.

මොකද බැරි වෙලා හරි injury replacement එකක් ලෝක කුසලානය අතරතුර ඕනි වුනොත් ඒ වෙනුවට දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයෙක් අපි අපේ මූලික සංචිතයෙන් නම් කරන්න ඕනි.

හැබැයි අපි ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් බොහොමයක් ගෙදර තියලා ඕමානයට පරාජය වෙනවා.

එක අතකට මේ වගේ වැඩක් නොකරොත් තමයි පුදුම,

මිලාන්ලට, සහන්ලට ලහිරු උදාරලට, දුශාන්ලට, ට්‍රැවීන් මැතිව් වගේ කොල්ලොන්ට මේ තරගවල අවස්ථාව දීලා කොහොමද ?

බැරි වෙලා හරි මේ කොල්ලෝ පෆෝම් කරොත් සෝශල් මීඩියා එකෙන් මේ කොල්ලොන්ව අගය කරනවා. එතකොට ලෝක කුසලාන සංචිතයේ ඉන්න සමහරු නොසුදුස්සෝ කියලා යලි යලිත් සනාථ වෙනවා.

අමතක කරන්න එපා අපිට මේ ලෝක කුසලානයේ ඕමානය එක්කත් තරගයක් තියනවා. බැරි වෙලා හරි මේ පුහුණු තරගය අපේ A ටීම් එක දිනලා වර්ල්ස් කප් එකේ අපේ ගොයියෝ ඕමානයෙනුත් පැරදුනොත් පුහුණුකරු ප්‍රමුඛ අපේ ගොයියොන්ට මිනිස්සුන්ගේ දැඩි විරෝධයක් එල්ල වෙන්න ගන්නවා. අර A කන්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් උඩට ඉස්සෙනවා.

පුහුණුකරු ඇතුලු ජාතික කන්ඩායමේ ක්‍රීඩකයින්ට එරෙහිව මිනිස්සුන්ගේ විරෝධය ඒ තුලින් තවත් වැඩි වෙන්න පුළුවන්…

ඉතිං මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක අර කොහෙටවත් නැති කොල්ලෝ ටිකක් ඕමානයට එරෙහි පුහුණු තරගය ක්‍රීඩා කරවලා පරාජය කරවන එක,

එතකොට කෝච්ට ප්‍රෙෂර් එකකුත් නැ.. ජාතික කන්ඩායමේ ඉන්න අසාර්ථක ක්‍රීඩකයින්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නැ… අඩු තරමේ මේ ඕමාන තරගය ක්‍රීඩා කරපු බහුතරයක් ක්‍රීඩකයින්ට ලැබෙන සුගතියකුත් නැ…

එදා නැගීඑන ආසියානු කුසලානය අතරේ හොඳට පෆෝම් කරපු වියස්කාන්ත්ව පා දඟ පන්දු යවන්නෙක් විදිහට දුශාන් හේමන්ත ජාතික සංචිතයත් එක්ක ඉද්දිත් බොරුවට පකිස්තානයට ගෙන්නගෙන අපිට දිනන්න තිබුණු ආසියානු කුසලානයක් නැති කරලා එදා කරෙත් මෙවැනිම කු|ප්|ප වැඩක්…

වනිඳු ආබාධ නම් ඒ වෙනුවෙන් පා දඟ පන්දු යවන්නා විදිහට දුශාන් හේමන්ත සංචිතයේ ඉද්දී නැගීඑන ආසියානු කුසලානයේ හිටපු වියස්කාන්ත්ව බොරුවට පකිස්තානයට කැදවලා අන්තිමට එදා කරෙත් දිනන්න තිබුණු ඒශියා කප් එකක් අපිට නැති කරපු එක…

වියස්කාන්ත් තමයි අපේ A ටීම් එකේ ප්‍රධාන තුරුම්පුව වුනේ…

එදා අපි ඒශියා කප් එක දින්නා නම් පකිස්තානයට ගිය අපේ ජාතික කන්ඩායම කාපු කෑමට පුහුණුකරු ප්‍රමුඛ ශ්‍රී ලංකා ජාතික කන්ඩායමට එල්ල වෙන අප්‍රසාදය විරෝධය තවත් වැඩි වෙනවා.

මේ වගේ දේවල් දිගින් දිගටම වෙද්දී තව තවත් ලංකාවේ ක්‍රිකට් ගැන ඇති වෙන්නේ මහ හිරිකිත කලකිරීමක්..!

Rishie Bro
- aperata

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka