gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

තනිකම හිතේ පුරවාගත් ඇය මුහුණුපොතට මව ගැන එකතු කළ සංවේදී සටහන මෙන්න

දුවෙකුට අම්මා කෙනෙක් කියන්නේ සම්පතක්..

ඒ සම්පත සදාකාලිකවම ඇයගේ ජීවිතයෙන් අහිමි වුණොත්, ඒ තනිකම කොහොම නම් ඇයට දැනේවිද..?

මේ කියන්න යන්නේ තරින්දි ඇයගේ මුහුණු පොතට එක්කළ සංවේදී සටහනක් ගැනයි.

මේ තරම් දුර කලාවේ ඉදිරියට එන්න අද ළඟ නැති ඇයගේ අම්මා ඇයට නිහඬවම ශක්තියක් වෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි, ළඟ නැතත් ඇයගේ ඒ හෙවනැල්ල හොඳින්ම ඇයට දැනෙන්නට ඇති.

රංගන ලෝකයේ කාගේත් ආදරය දිනාගත්ත සුරූපී තරින්දි මෙන්න මේ වගේ සංවේදී සටහනක් හැර ගිය ඇයගේ මව වෙනුවෙන් මුහුණුපොතට එක්කරලා තිබුණා..  

“මහන්සියි අම්මේ,
ඔයා තමයි මට මොන දෙයක් වුණත් හිනාවෙලා ඉන්න කියලා දුන්නේ
ඉතින් මම හිනාවෙනවා කොච්චර මහන්සි වුණත්,
ඔයා කියලා දීපු ඒ හිනාව කරුණාව, ආදරය නිසා තමයි අදටත් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට මට වෛර කරන්න හේතු හදල නැත්තේ..
ඉතින් ඉස්සරහටත් මම හිනා වෙනවා,ආදරය කරනවා,සතුටින් ඉන්නවා
ඇයි දන්නවද..?
ඒ හැම හොඳ ගතිගුණයක්ම මට ඔයාව පෙන්නනවා.. ඔයා ළඟ ඉන්නවා වගේ දැනෙනවා,
ආදරෙයි අම්මේ..
-තරී-“

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka