කෙහෙල්බද්දර පද්මේ නැමැති සංවිධානාත්මක අපාරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයා සමග සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එල්ලවන චෝදනාවලට ඇය පිළිතුරු ලබාදී ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ සම්බන්ධයෙන් මෙසේ පවසයි. 2026.02.05 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුවූ සිදුවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි..
2026 පෙබරවාරි මස 3 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ගුණසේකර නැමැති නිලධාරියකු විසින් මගේ පුද්ගලික දුරකථන අංකයට අමතා යම් සිදුවීමක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කරන ලදී. එහිදී අදාළ සිදුවීම කුමක්ද යන්නත් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදු කරන ලෙසත් මා අදාළ නිලධාරී මහතාට දැනුම් දුන් අතර ඒ පසුව ඔහු ඒ සඳහා කටයුතු කර තිබුණි.
පසුගියදා අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව පැවසෙන “කෙහෙල් බද්දර පද්මේ” නැමැත්තෙකු සමඟ සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි එමගින් ඔවුන් දැනුම් දී තිබුණි.
දුරකථනයෙන් මා ඇමතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරී මහතා විසින් තවදුරටත් සඳහන් කරනු ලැබුවේ කෙහෙල් බද්දර පද්මේගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී 2021 වසරේ පැවති උද්ඝෝෂණයක් සඳහා කෙහෙල් බද්දර පද්මේ විසින් ඔබතුමිය වෙත පිරිසක් ලබා දී ඇතැයි පවසා තිබූ බවයි.
අදාළ කරුණ ඒ මොහොතේම ප්‍රතික්ෂේප කළ මා 2026.02.05 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරිපත් වුනෙමි.
ඒ අනුව පසුගියදා (05) පෙරවරු 11 ට පමණ අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී මගෙන් ප්‍රකාශ සටහන් කරගත් ගුණසේකර නම් නිලධාරියා විසින් මාගෙන් විමසා සිටියේ 2024 වසරේ කෙහෙල් බද්දර පද්මේ නැමැති පුද්ගලයා විසින් ඔබට දුරකථන ඇමතුමක් ලබාදී තිබේද යන්නයි.
කිසි විටෙකත් එවැනි දුරකථන සංවාදයක් හෝ හිතවත්කමක් මා එවැනි පුද්ගලයකු සමඟ පවත්වා නොමැති බව මා විසින් එහිදී අවධාරණය කලෙමි. ඉන් අනතුරුව අදාල නිලධාරියා සඳහන් කළේ සෘජුවම නොව whatsapp අංකයක් හරහා වෙනත් පුද්ගලයෙකුගේ ඇමතුමක් සමග සම්බන්ධ වෙමින් (Conference Call) මගින් පද්මසිරි යන නමකින් ඔහු ඔබ සමග සම්බන්ධ වී ඇති බව පද්මේ නැමැත්තා විසින්ම පවසා සිටි බවයි.
එම කරුණ ද මා තරයේ ප්‍රතික්ෂේප කළ අතර මහජන නියෝජිතයින් ලෙස ජනතාව සමඟ ගනුදෙනු කරන අප වැනි දේශපාලඥයින් මේ ආකාරයේ පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අපහසුතාවයට පත් නොකරන ලෙස මා අදාළ නිලධාරි මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටියෙමි.
ඉහත සඳහන් කරන ලද ආකාරයේ පද්මසිරි නම් පුද්ගලයෙකු විසින් මා හා සම්බන්ධ වී ඇති බව විමර්ශන නිලධාරියා සඳහන් කළත් පද්මසිරි යන නම සමාජයේ සුලභ ලෙස පවතින නමක් වන බැවින් මා සඳහන් කළේ යම් නිශ්චිත සිදුවීමක් හෝ අවස්ථාවක් හෝ පටිගත කිරීමක් සාක්ෂියක් මත පදනම්ව මාගෙන් කරුණු විමසන්නේ නම් එය පහසුවක් වනු ඇති බවයි. එසේත් නොමැතිව මීට වසර දෙකකට පමණ ඉහත සිදු වූ බව පවසමින් දුරකථන සංවාදයක් පිළිබඳ අප වැනි කාර්යබහුල නිරතුරුව දුරකථන ඇමතුම් ලැබෙන මහජන නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කිරීම යුක්තිය යුක්ත නොවන බවද මා එහිදී සඳහන් කළෙමි. එසේ නොමැතිව සමාජය හරහා අභූත චෝදනා එල්ලවන අයුරින් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස දැන්වීම හරහා දේශපාලනයේ යෙදෙන මා හට බරපතල අගතිදායක තත්ත්වයක් සිදුවන බවද එම නිලධාරි මහතාට මම සඳහන් කළෙමි.
එමෙන්ම 2021 වසරේ දී කෙහෙල් බද්දර පද්මේ නැමැති පුද්ගලයා මාගේ රැස්වීමකට සෙනඟ ඒවා ඇතැයි මා හට සඳහන් කරමින් අදාළ නිලධාරියා මා හට පැවසූ කරුණු සම්බන්ධයෙන්ද මා අදාළ නිලධාරියාගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ “එය නොව දැන් ඇති ප්‍රශ්නය 2024 වසරේ ලබා දුන් දුරකථන ඇමතුම” බවයි. එහිදී පද්මසිරි යන නමින් අදාල පුද්ගලයා මා සමග සම්බන්ධ වී ඇති බවත් මැතිවරණ කටයුතුවලට උදව් කළ හැකි බවත් ඔහු විසින් මා හට පවසා ඇතැයි ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් මාගෙන් ප්‍රකාශ සටහන් කරගත් අදාළ නිලධාරියා විසින් සඳහන් කරන ලදී.
නැවත වතාවක් මා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර මෙවැනි සිදුවීම් හරහා මහජන නියෝජිතයින් ලෙස අපගේ කීර්තිනාමයට බරපතල කැළලක් ඇතිවන ආකාරය පිළිබඳ නැවතත් මා එම නිලධාරී මහතාට කාරුණිකව කරුණු පැහැදිලි කර දෙන ලදී.
එසේ නම් මාධ්‍ය මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළහොත් මෙම ප්‍රශ්න කිරීම පිළිබඳව කරුණු නොකියන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද මේ පිළිබඳව තොරතුරු පිටතට ලබා නොදෙන බවත් අදාළ විමර්ශන නිලධාරියා විසින් මා හට දැනුම් දෙන ලදී.
විනාඩි 10ත් 15ත් අතර කාලයකදී මා මාගේ ප්‍රකාශය ලබා දුන් අතර දරුවන් පාසලෙන් රැගෙන මාගේ රියදුරු මා රැගෙන යාමට පැමිණෙනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මඳ වෙලාවක් රැඳී සිටියෙමි.
මා පිටතට පැමිණෙන අවස්ථාවේ එම ස්ථානයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු රැඳී සිටි අතර ඔවුන් ප්‍රශ්න කල අවස්ථාවේද මගෙන් ප්‍රකාශ සටහන් කරගත් නිලධාරියා පැවසූ අයුරින්ම මා මාධ්‍යයට සඳහන් කළේ පුද්ගලික කාරණයට අදාලව මා එහි පැමිණි බවයි.
කෙසේ වෙතත් මේ වන විට මාධ්‍ය ඔස්සේ සංවිධාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන කෙහෙල් බද්දර පද්මේ නැමැති පුද්ගලයා සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සබඳතා පවත්වා ඇති බවත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවත් පැය තුනකට ආසන්න කාලයක් ඇයගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කර ඇති බවත් සඳහන් කරමින් තොරතුරු හුවමාරු වනු මා විසින් නිරීක්ෂණය කරන ලදී.
මෙය සැබවින්ම මහජන නියෝජිතයෙකු ලෙස මාගේ කීර්ති නාමයට බරපතළ හානියකි. මෙම පුද්ගලයා සමග මා කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බව මා ඉතා වගකීමෙන් යුක්තව සඳහන් කරමි. එවැනි වටපිටාවක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පුද්ගලික ප්‍රශ්න කිරීම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිරාවරණය කරමින් කටයුතු කිරීමත්, අප අදාළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වන බවට අසත්‍ය තොරතුරු සමාජගත කිරීමත් කිසි ලෙසකින් අප අනුමත කරන්නේ නැත.
එමෙන්ම මාගේ මියගිය පවුලේ සාමාජිකයන් පවා ඇඳා ගනිමින් මා හට සහ මාගේ පවුලට අපහාස කිරීම අසත්‍ය ප්‍රවෘත්ති සමාජ ගත කිරීම මා දැඩිලෙස පිලිකුල් සහගතව හෙලාදකිමි. මාගේ සීයා ‘ඇම් වයි ප්‍රේමචන්ද්‍ර’ කොලොන්නාව තෙල් සංස්තාවේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු උසාවි තුල හා ඉන් පිටත සටනකල සිංහල දමිළ සහ ඉංග්‍රීසි චතුර ලෙස දැනුමෙන් හෙබි තෙල් සංස්තාවෙ සියලු සාමාජිකයන් ගෞරවයට පාත්‍ර වූ සාමාජියෙකි. මාගේ පියා ඇතුළු ඔහුගේ සහෝදරියන් කොළඹ ආනන්ද සහ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය වල අධ්‍යාපනය හදාරා සමහරක් රාජ්‍ය ආයතනය වල උසස් තනතුර හොබවා වර්තමානයේ විශ්‍රාම සුවයෙන් ජීවත් වන අතර සමහරක් විදේශ විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරා විදේශ රටවල් වල ජීවත් වෙයි. ඉතා තරුණ වයසේ වෘත්තීය සමිති වලට නායකත්වය දෙමින් පසුව දේශපාලනයට පිවිසියේ මාගේ පියාය. මියගිය ඔහු පිළිබඳව නොයෙකුත් මඩ අවලාද ප්‍රකාශ වුවත් ඒ සියල්ලට මා නිහඬව සිටියේ කෙදිනක හෝ සත්‍ය ඉස්මතු වේය යන බලාපොරොත්තුවෙනි. එහෙත් දවසින් දවස මට මුහුණදීමට සිදුවී ඇති අපහාස තවදුරටත් දරා ගත නොහැකිය. කිසියම් පුද්ගලයෙකුට මාගේ වත්කම් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඕනෑම නීත්‍යනුකූල ආයතනයකට පැමිණිලි කලහොත් අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට මා සූදානම් ය. එහෙත් කිසිදු නිශ්චිත තොරතුරු නොමැති ව සිදුකරන සියලු අපහාස කිරීම්, වැරදි තොරතුරු බෙදා හැරීම සහ මඩ ගැසීම් සිදු කරනු ලබන ඒ ඒ පුද්ගලයන්ට නිතීමාර්ගයෙන් ක්‍රියාකරන බවද දැනුම් දෙමි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිටපු පාර්ලිමේන්තු මන්ත්
