gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ට්‍රම්ප්ගේ සුපිරි නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙක්ට වෙඩි තබා ඇත.

එරට වෙලාවෙන් අලුයම 1:30ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවත් අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ එම සන්නද්ධ පුද්ගලයා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇති අතර එම සැකකරු විසින් සිය වාහනය ධාවනය කරමින් අධි ආරක්ෂිත කලාපයට තුළට ඇතුළු වීමට උත්සහා කර ඇත.

එම සැකකරු සතුව shotgun වර්ගයේ ගිනි අවියක් සහ ගෑස් කෑනයක් තිබී ඇති අතර අදාළ ගිනි අවියේ අසුරණය ඔහුගේ වාහනය තුළ තිබී සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා Mar-a-Lago නිකේතනයේ රැඳී නොසිටි අතර ඔවුන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිට ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka