ගයාන් මංජුලගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලද්දකි,
”සවල් කේස් එකට පොලිසියෙන් එන්න කියලා. යන ගමන් මූ එක්ක ටිකක් කතා කලා.
මම නිකං චිකාගෝ ඉන්නවා වගේ මට දැනුනේ… දැනට නඩු හයක් තියෙනවලු.
මගෙන් ඇහුවා අයියා පාටී බහින්නෙ නැද්ද ?
“මම ඉතිං ඇහුවා කියක් විතර ඕනද කියලා.?
ලක්ශ දෙකක් තුනක් කුඩු අයියෙ”
“මම ඉතිං ඇහුවා ඔයා ඩ්‍රග්ස් ගන්නවද බියර් අරක්කු සිගරට් බොනවද කියලා?
“අයියෙ මම ඇබ්බැහි වෙලා තියෙන්නෙ එක දේකටයි බයික් වීල් කරන්න බයික් එකයි තෙලුයි තියෙනවා නම් මට ඒ ඇති වෙන මුකුත් ඕන නැ කියලා..”
මට එක දෙයක් දැනූනා “මූ මොන දෙයක් කළත් අම්මා(පියුමී හංසමාලි)මූව බේරගන්නවා කියන දැඩී විශ්වාසය කොල්ලට තියෙනවා..ඒ වගේමයි මූත් අම්මට පට්ට ආදරේ වගේ..
“ෆිල්ටීයාට ගහනවා අයියේ නාග සලං වෙන්න..”
මම ඇහුවා ඇයී ඌට ගහන්නෙ කියලා
“ඌ අපේ අම්මට කුනුහරුප සින්දුවක් හැදුවානේ”
මම ඉතිං බහින්න කලින් පොඩි උපදෙසක් දුන්නා..නියම වැඩකාරයෝ දකින දකින එකාට ගහන්න යන්නැ..ඔලුව පාත් කරං ඉන්නවා බැරිම උනොත් තමා අතක් උස්සන්නෙ..
ඔය ගහන බැට් පාරක් බෝතල් පාරක් ඔලුවක වැරදි තැනකට වැදුනොත් අම්මට තියා ලොකු අම්මට වත් උඹව බේරගන්න වෙන්නෙ නැ කියලා..
වෙන කියන්න දෙයක් නැ…පව් පොඩී එක..”
උපුටාගැනීම : KG Gayan Manjula ෆේස්බුක් පිටුවෙන්
