අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා ද මහර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලේ මේ වන විට රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට නිවසින් ආහාර ගෙන ඒමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් බන්ධනාගාර අධිකාරියෙන් කළ ඉල්ලීමට අවසර හිමිවී ඇතැයි ද පැවසේ.
එහෙත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් වෙත ලබාදෙන සාමාන්‍ය ආහාරවේල රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේ සිටම ලබා ගන්නා අතර දේවානන්දා මහතා දෛනිකව භාවිත කරන ඖෂධ වර්ග ද ඔහු වෙත සපයාදී ඇත.
