ගණකාධිකාරිවරයකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට වූ සැකයක් මත කිමිදුම්කරුවන් ඇතුළු නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීහු ඊයේ (21) දහවල් මෙහෙයුමක් සිදු කරනු ලැබූහ.
කළුතර උතුර ප්රදේශයේ පදිංචි කාන්තාවක විසින් කළ දැනුම් දීමක් මත මේ මෙහෙයුම සිදු කළ බව කළුතර දකුණ පොලීසිය පවසයි.
කළුතර උතුර ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුරකතනය පාලම මත තිබී හමුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
අතුරුදන් ගණකාධිකාරිවරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳසලක සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බව පොලීසිය කීවේය.

