gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

අරගල සමයේ මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව අද!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ලක් හමුවේයි මෙම තීන්දුව ලබා දෙන්නේ.

2022 මැයි මාසයේදී පැවති අරගල සමයේදී නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ බවට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka