gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය අත්හැරීමට සනත් සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතූ කරන සනත් ජයසූරිය එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එම ධුරයෙන් ඉවත්වන බව වාර්තා වනවා.

2024 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියක, ශ්‍රී ලංකාවේ තාවකාලික පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කෙරුණා.

අනතුරුව එම වසර අවසානයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තෝරා පත් කරගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 60ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 29ක් ලබාගෙන පරාජයන් 29කට මුහුණදී තිබෙනවා.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka