gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඔවුන් අතර පැවති දුරස්තභාවය නිසාම ඔහුට මේ රඟපෑම කරන්න ලේසි වෙන්න ඇති. ඒත් කළ වැරැද්දට නීතියෙන් නම් ගැලවීමක් නැහැ.. මුහුණුපොතෙන් හඳුනාගත් පෙම්වතියට වංචා කළ ඔහුට අවසානයේ සිදුවුණු දේ මෙන්න..

ඕනෑම තරුණියක් තරුණයෙකු එක්ක පෙමින් බැඳෙන්නේ හිතාගන්න බැරි ත‍රම් ප්‍රාර්ථනා පෙරදැරිවයි.

ඒත් ඇයට සිද්ධවෙලා තියෙන්නේ කිසිවෙකුට අදහාගන්න බැරි දෙයක්.

මේ කියන්න යන්නේ අමුතු ප්‍රේම කතාවක් නිසා, අමාරුවේ වැටුණු කාන්තාවක් ගැන කතාවක්.. ඇය රැවටී ඇත්තේ මේ තරම් වංචාකාරයෙක්ට කියලා ඇය කවදාවත් හිතන්නේ නැතුව ඇති..

මුහුණපොත ඔස්සේ හඳුනාගෙන විවාහ කර ගන්නා බව පවසා ඇය සතු රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ තිස් හතර දහසක (1173400) මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා නිලධාරියෙකු පිළිබඳව ඇස් මවිත වෙන පුවතක් තෙල්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම වංචාවට හසුව ඇත්තේ විදෙස් රටක රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් බවයි අනාවරණය වී ඇත්තේ.

තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ගුවන් හමුදා නිලධාරිවරයා තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 13 වැනිදා ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන සැකකරුට යළි අප්‍රේල් මස 27 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ.

මහනුවර උඩතලවින්නේ පදිංචි අදාළ තරුණියගේ මව විසින් පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කළ පොලිසිය සැකකරුගේ ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් ගුවන් හමුදා නිලධාරියා අම්පාර ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සැකකරු අදාළ තරුණිය විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇය සතු මුදල් ලබා ගැනීමෙන් පසු විවාහ නොවී මඟහරිමින් නැවත ලබාදීමද ප්‍රතික්ෂේප කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka