ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (21) දින බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.
බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බවද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන් සහභාගිත්වයකින් පැවති තීරණාත්මක සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
රැස්වීමෙන් පසුව ඡන්දයක් පවත්වා ඇති අතර එහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබාදී ඇති බව වාර්තා වේ.
