gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ශ‍්‍රී ලන්කන් යානාවක් ගුවනේදී කැඩේ!

කුවේට් බලා ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක්, ගුවනට එසවී සුළු වේලාවකින් කාර්මික බිඳවැටීමක් හේතුවෙන් යළි දිවයිනට පැමිණ තිබේ.
ගුවන් යානය ගමන් අරඹා පැය දෙකකුත් විනාඩි විසි එකක කාලයක් ගතව තිබියදී මෙලෙස යළි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතම ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

මෙම හදිසි ගොඩබැස්වීමට අදාළ කරුණු පැහැදිලි කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, යානයේ ක්‍රියාකාරීත්වයේ මතු වූ යම් දෝෂ සහිත තත්ත්වයක් මෙයට හේතු වූ බවයි.

මගීන් 179 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ඇතුළු 187 දෙනෙකු යානය තුළ සිටි බව ගුවන් තොටුපොළ බලධාරීන් තහවුරු කර ඇත.

යානයේ හයිඩ්‍රොලික් පද්ධතියේ හටගත් දෝෂයක් මීට බලපා තිබේ.

යානයේ පාලනය පිළිබඳ ගැටලුවක් මතු වූ වහාම ගුවන් නියමුවා විසින් ඒ පිළිබඳව කටුනායක පාලක මැදිරිය දැනුවත් කර, ආරක්ෂිත පියවරක් ලෙස යානය යළි හරවාගෙන ඒමට තීරණය කර ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka