gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

හජ් වන්දනා කෝටා වංගු ගහයි... අධිකරණයේ නඩු දමයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති රෙගුලාසි උල්ලංඝනය කරමින් වත්මන් හජ් කමිටුව කටයුතු කරන බවට චෝදනා කරමින්, සමස්තලංකා හජ් වන්දනා සංවිධායකවරුන්ගේ සංගමය නීතිමය පියවර ගෙන තිබේ. 

ඒ අනුව, අදාළ කමිටුව ගනු ලැබූ තීරණ අවලංගු කරන ලෙස ඉල්ලා එම සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා, මුස්ලිම් කටයුතු අධ්‍යක්ෂවරයා සහ හජ් කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

හජ් වන්දනාකරුවන් සඳහා කෝටා වෙන් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නිශ්චිත උපදෙස් මාලාව වත්මන් කමිටුව නොසලකා හැර තිබීම, වීසා බලපත්‍ර අවභාවිත කිරීම, බලපත්‍ර ලබාදීමේදී සිදුව ඇති නීතිවිරෝධී ක්‍රියා සහ වෙළඳපොළ පදනම් කරගත් නව ක්‍රමවේද හරහා සිදුවන අසාධාරණ කෝටා බෙදා හැරීම, කිසිදු නීතිමය පදනමකින් තොරව විශාල මුදලක් අත්තිකාරම් වශයෙන් නියම කිරීම යන චෝදනා පෙත්සම්කරුවන් එල්ල කරයි. පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණු විභාගයට ගන්නා ලෙසත්, හජ් කමිටුව ගෙන ඇති අත්තනෝමතික තීරණ බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka