gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"දුවේ මට සමාවෙයන්..." - නින්ද ගිය මොහොතක වුණු දෛවෝපගත විපත්තිය, පොලිසිය හමුවේ වැලපෙමින් පියා පාපොච්චාරණය කරයි

මාස දෙකහමාරක සිඟිත්තිය අතට ගෙන නලවමින් සිටියදී පියාට එකවරම නින්ද යාම හේතුවෙන් දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් සිදුවූ අනතුරින් දැරිය රෝහල් ගත කර සිටියදී මිය‍ගිය අවාසනාවන්ත පුවතක් අද වාර්තා වුණා.

ඒ අළුබෝමුල්ල, බටදොබතුඩුව ප්‍රදේශයෙන්.

නොසැලිමත් ක්‍රියාවක් සිදුකිරීම සහ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වසන් කිරීම හේතුවෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිස පවසන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ගියේ අළුබෝමුල්ල, බටදොබතුඩුවේ පදිංචි රුසේලි කෙයාශා (මාස දෙකහමාරක) සිඟිත්තියයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිලිඳිය මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුවී ඇත්තේ හිසේ දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් සිරවීම බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මරණ පරීක්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර බිලිඳියගේ මව හා පියා කැඳවා ඒ සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවටයි.

කෙසේවෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතරවාරයේ දී මියගිය දැරියගේ පියා පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පසුගිය 06 වනදා තමන් රාත්‍රී වැඩමුරය අවසන් කර 07 වනදා උදෑසන 06.15 ට පමණ නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී දියණිය කාමරයේ ඇඳ මත තනිව සිටි බව දැක දරුවා අතට ගෙන මුළුතැන්ගෙට ගොස් පසුව නිවසේ ඉදිරිපස පුටුවක් මත වාඩිවූ බවයි.

මඳ වේලාවකින් දරුවා හඬන්නට වු බැවින් තමන් පුටුවෙන් නැගිට දියණිය අතට ගෙන ඇවිදිමින් ඇය නැලවූ බවත් එම අවස්ථාවේදී නොදැනීම තමන්ට නින්ද ගොස් දියණිය තම අතින් ගිලිහි බිම වැටි ඇති බවත් තමන් එකවරම අවදි වුයේ දියණියගේ හැඬීමේ ශබ්දයට බවත් පියා පොලීසියට පවසා තිබෙනවා.

පසුව අසල්වැසියෙකුට කතා කර දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියබවත් අනතුරුව දරුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ළමා රෝහල වෙත එදිනම මාරුකර යැවූ බවත් එයින් දින තුනකට පසු දරුවා මියගිය බවත් තමාට ඇතිවූ බිය නිසා නිවසේදී සිදුවූ අනතුර කිසිවෙකුටත් නොකී බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka