gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සඳමාලිගේ මරණය අවස්ථා තුනකදී වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ජපාන අධිකරණයේදී හෙළි වෙයි

2021 වසරේදී ජපානයේ නගෝයා ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය ශ්‍රී ලාංකික තරුණියක වන විෂ්මා සඳමාලිගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථා තුනකදී අවස්ථාව තිබූ බව වෛද්‍යවරයකු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

විෂ්මාගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් ජපාන රජයට එරෙහිව පවරා ඇති වන්දි නඩුව පසුගිය බදාදා නගෝයා දිස්ත්‍රික් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වෛද්‍ය මසමුනේ ෂිමෝ (Masamune Shimo) මෙම කරුණු අනාවරණය කළේය.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ විෂ්මාගේ මරණයට විජලනය සහ කුසගින්න ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. ඇයගේ රුධිර පරීක්ෂණ වාර්තා සහ ආහාර ලබා ගැනීමේ වාර්තා අනුව ඇය 'බෙරිබෙරි' (Beriberi) හෘද රෝගී තත්ත්වයට පත්ව අවයව අක්‍රිය වීමෙන් මියගොස් ඇති බව හෙළි විය. 

ඇය මිය යාමට සති තුනකට පෙර සිදු කළ මුත්‍රා පරීක්ෂණයකින් ඇය කුසගින්නේ සිටින බවට අසාමාන්‍ය අගයන් පෙන්නුම් කළ බවත්, එම අවස්ථාවේදී රුධිර පරීක්ෂණයක් කර සේලයින් ලබා දුන්නේ නම් ඇය බේරා ගැනීමට හැකිව තිබූ බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම ඇය මියගිය දින සහ ඊට පෙර දින ඇයගේ රුධිර පීඩනය මැනීමට නොහැකි තරම් පහත වැටී තිබියදීත් නිසි ප්‍රතිකාර නොලැබීම මරණයට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka