මවගේ සිරුර මමීකරණය කර නිවසේ සගවා මව ලෙස වෙස් ගත් පුතා සිදුකල අමුතු ක්‍රියාව 😳
මීට දින කිහිපයකට පෙර ඉතාලියෙන් ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් පිළිබද වාර්තා වෙලා තියෙනවා.
මෙම ඉතාලි ජාතික 57 හැවිරිදි පුද්ගලයා 2022 වසරෙදී මියගිය තම මවගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමේ අරමුණින් ඒ පිළිබද අදාල බලධාරීන් වෙත නොදන්වා ඇයගේ සිරුර බෑග් වලින් ආවරණය කර නාන කාමරයේ තබාගෙන ඇත.🥲
හෙද වෘතියේ නියැලී සිට ඇති මෙම පුද්ගලයා මවගේ සිරුරෙන් වෑහෙන තරල සිරින්ජරයක් මාර්ගයෙන් ඉවත් කරමින් සිරුර කල්තබාගෙන ඇත.
පසුගිය දිනෙක මවගේ හැදුනුම් පත කල් ඉකුත් වී ඇති බැවින් මොහු මවගේ ඇදුම් වලින් සැරසී විග් එකක්ද පැළද අදාල නිලධාරියා හමුවීවට ගොස් ඇත. මෙහිදී මොහු පැළද සිටි විග් එකට පහතින් කලු කෙස් දුටු අදාල නිලධාරියා මේ පිළිබදව සැක හිත පොලීසිය දැනුවත් කර ඇත.
මේ හේතුවෙන් මොහුව පොලීසිය වෙත කැදවා ඇති අතර මව ලෙස වෙස් ගෙන තම මෝටර් රතයෙන් මොහු පොලීසිය වෙතට පැමිණ ඇත. මොහු පැමිනෙන අයුරු කැමරා මගින් නිරීක්ශනය කරන ලද නිලධාරීන් මෙම කාන්තාවට රියදුරු බලපත්‍රයක් ඇත්දැයි පරීක්ෂා කර ඇති අතර ඇයට රියදුරු බලපත්‍රයක් නොමැති බවට සනාථ කරගෙන ඇත.
මින් පසුව කරන ලද නිවාස පරීක්ෂාවේදී නිවස තුල මමීකරණය කර තිබූ මවගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මරණයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට මළ සිරුරක් සඟවා තැබීම, රාජ්‍යයට එරෙහිව වංචා කිරීම, අනුකරණය කිරීම සහ පොදු ලේඛනයක් ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනා යටතේ මොහුව බන්ධනාගාර ගතකර තිබෙනවා.

