gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ඉන්ධන මිල සංශෝධනය වෙයි - අලුත් මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි මස පස්වන දින මධ්‍යම රාත්‍රී 12:00සිට සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවත්වා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කල නිවේදනය පහතින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka