gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කොළඹ තදබදය අඩු කරන්න නව ගුවන් පාලමක් විවෘතයි

කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලබා දෙමින්, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ බාලදක්ෂ මාවත යා කරමින් ඉදි කෙරුණු නව ගුවන් පාලම අද දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ කරන ලද්දේ 2021 වසරේදීය. කෙසේ වෙතත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි වැඩකටයුතු අතරමග නවතා දැමීමට සිදු විය. 

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව, පසුගිය වසරේ මැයි මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කළ අතර, ඉතා කෙටි කලක් තුළ වැඩ අවසන් කර මෙලෙස මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වී තිබේ.

මෙම නව ගුවන් පාලම දිග මීටර් 320 කි. පළල මීටර් 11 කි.

මෙම ගුවන් පාලම විවෘත කිරීමත් සමඟ ලෝටස් වටරවුම හරහා වරාය බඩු ප්‍රවාහනය සඳහා භාවිත වන මාර්ගයේ පවතින තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

විශේෂයෙන්ම දුම්රිය හරස් මාර්ග හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගනිමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට මෙය මහත් පිටුවහලක් වනු ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka