gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ගලහා නායගිය කෝවිලක් අසලින් මතු වූ මැණික් ගල වතුකරයම උණුසුම් කරයි... පොලිසියෙන් දැඩි ආරක්ෂාවක්!

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ගලහ, දෙල්තොටවත්ත ගල්ලන්තැන්න පහළ කොටසේ ඇති ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසල මැණික් ගලක් යැයි සැකකරන පාෂාණයක් හමුවී ඇති බව ගලහ පොලිසිය පවසනවා.

ආපදාව සමග නායයාමකට හසුව මෙම කෝවිල අසලට පැමිණි විවිධ වර්ණයන්ගෙන් යුත් ගලක් දැක ඇති අයෙකු ඒ බව පැවසීම නිසා මෙය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ නාය යාමෙන් නිවාස කිහිපයකට ද හානි සිදුවී, කෝවිලටද බරපතළ හානි සිදුව තිබුණා.

මෙම කෝවිල ප්‍රදේශවාසී වතු ජනතාව විසින් 2010 වසරේ සිට මුදල් එකතු කරමින් ඉතා අමාරුවෙන් ඉදිකර ඇති අතර, මෙම වසරේ එළඹෙන මාර්තු මස එය විවෘත කිරීමටද සැලසුම් කර තිබූ බවයි පැවසෙන්නේ.

ඊට ප්‍රථම නාය යාමෙන් මෙම කෝවිල විනාශ වූ අතර වතු ජනතාව ඒ පිළිබඳව ශෝකයෙන් පසු වේද්දී මෙම වර්ණයන්ගෙන් යුත් මැණික් යැයි සැක කරන මෙම විශාල ගල හමුවී තිබෙන බවත් අප වාර්තාකරු පවසනවා.

දැනට මේ සඳහා ගලහ පොලිසිය මගින් ආරක්ෂාව යොදවා ඇති අතර, භූ විද්‍යා හා පතල් කාර්යාංශය හා මැණික් හා ස්වර්ණාභරණ ආයතන පැමිණ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka