ඉරානය පුරා දරුණු ලෙස පැතිර ගිය අභ්‍යන්තර නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පනවා තිබූ අන්තර්ජාල තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කිරීමට එර රට බලධාරීන් සලකා බලමින් සිටින බව වාර්තා වේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය මුහුණ දුන් දරුණුතම විරෝධතා මර්දනය කිරීම සඳහා මෙම දැඩි සීමා පනවා තිබූ අතර, ආරක්ෂක තත්ත්වය යහපත් වූ වහාම සබඳතා යථා තත්ත්වයට පත් කරන බව ඉරාන පාර්ලිමේන්තු කමිටු ප්‍රධානී ඊබ්‍රාහිම් අසීසි ප්‍රකාශ කර ඇත.
මේ අතර ඉරාන රජයේ පාලනය ගිලිහී යන බවට ඉඟි පළ කරමින් ඊයේ රාත්‍රියේ එරට රජයේ රූපවාහිනී නාලිකාව හැකර් ප්‍රහාරයකට ලක්ව තිබේ. එහිදී ‘ඉරාන ජාතික විප්ලවයේ සැබෑ පුවත්’ යන මැයෙන් වැඩසටහනක් විකාශය වී ඇති අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පිටුවහල් කර සිටින ඉරානයේ අවසන් ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලවි, ඉරාන ජනතාවගෙන් පවතින පාලනයට එරෙහිව කැරලි ගසන ලෙස ඉල්ලා සිටින දර්ශන එහි ප්‍රදර්ශනය වී ඇත. රේසා පහ්ලවි වර්තමාන පූජක පක්ෂ පාලනය පෙරළා දැමීමට ප්‍රමුඛ හඬක් නගන අතර ඔහු නැවත ඉරානයට පැමිණීමට ද සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් අගදී ඇරඹුණු මෙම දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී පුද්ගලයන් 5,000කට අධික පිරිසක් මියගොස් ඇති බවත්, ඉන් 500ක් ආරක්ෂක අංශ සාමාජිකයන් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. විරෝධතාකරුවන්ගේ මුහුණට සහ පපුවට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසක් අන්ධ වී ඇති බවත්, දහස් ගණනක් බරපතළ තුවාල ලබා ඇති බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි. මේ වන විට ඉරානයේ වීදි සාමකාමී වුවද, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුදා මැදිහත්වීමේ තර්ජන හේතුවෙන් ගල්ෆ් කලාපය පුරා යුද බියක් හටගෙන ඇති අතර, ඕනෑම ගැටුමක් මුළු කලාපයටම බලපානු ඇති බව සෞදි අරාබියේ ඉරාන තානාපතිවරයා අනතුරු අඟවා ඇත.
