gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආපදාවේ පරිත්‍යාග විදිහට බාල බෙහෙත් රටින් එවලා - ඔක්කොම පුච්චනවලු

කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් ඉකුත්වූ බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේවා පුත්තලම සිමෙන්ති කම්හලට යවා පිළිස්සීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

මෙම බෙහෙත් කල් ඉකුත්වූ බාල ඒවා බව මූලික නිරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු මෙසේ ඉවත් කෙරුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම බෙහෙත් වර්ග ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණාගාරයට යවා පරීක්ෂා කෙරෙන බවත්, ඒවා රෝහල්වලට යවන්නේ එම පරීක්ෂණවලින් පාවිච්චියට සුදුසු බවට තහවුරැ කර ගැනීමෙන් අනතුරුව බවත් අමාත්‍යාංශය පවසයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka