gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

පෙම්වතියන්ගේ වීඩියෝ හොරෙන් රෙකෝඩ් කරන් කප්පම් ඉල්ලන එක ගැන පැමිණිලි වැඩි වෙලාලු

විවාහක කාන්තාවන්, පෙම්වතියන් හෝ අනියම් බිරින්දෑවරු සමග පවත්වන ලිංගික සම්බන්ධතා වීඩියෝගත කර, එම වීඩියෝ වෙබ් අඩවිවලට යොමුකරන බවට තර්ජනය කර කප්පම් ලබා ගැනීම සම්බන්ධ පැමිණිලි වැඩි වෙමින් පවතින බව පොලිසිය පවසයි.

තොරතුරු තාක්ෂණ සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ගාල්ල ස්ථානාධිපති කේ.කේ.ආර්. අල්විස් පැවසුවේ අපරාධකරුවන් විසින් රහසිගතව වීඩියෝ කිරීමට උසස් තාක්ෂණික කැමරා භාවිත කරන බවයි.

“මෙම කැමරා කමිස කරපටිවල, සාක්කුවේ පෑනක් ලෙස හෝ ලැගුම්හල්වල ඇඳන් තුළ සඟවා තබනවා. තම අනියම් බිරිඳ සමග සහ තරුණ පෙම්වතුන් අතර ලිංගික සම්බන්ධතා රහසිගතව රූ ගතකර වෙබ් අඩවිවලට මුදා හරිනවා. බොහෝ විට, තමන් ආදරය කරන කාන්තාවන් ලැගුම්හල්වලට රැගෙන ගොස් ඒ තරුණියගේ නිරුවත් දර්ශන වීඩියෝ කර ඇයගෙන් කප්පම් ලබාගැනීමට තරුණ පිරිමින් ඒ වීඩියෝ යොදා ගන්නවා,” යනුවෙන් ඔහු පැවසීය.

“මෑතකදී, විදේශගත රැකියාවක නියුතු 45 හැවිරිදි කාන්තාවක් බේකරියක සේවකයෙකු සමඟ ආදරයෙන් බැඳිලා. ඔහු ඔවුන්ගේ ලිංගික සම්බන්ධතා රහසිගතව වීඩියෝ කරලා. ඒවා වෙබ් අඩවිවලට දානවා කියලා තර්ජනය කරමින් දැන් කප්පම් ඉල්ලනවා කියලා ඇය පොලිසියට පැමිණිලි කරලා. මේ හා සමාන සිදුවීමකදී, මන්ත්‍ර ගුරුකම් මගින් රෝගී දරුවකු සුව කිරීමට භාරගත් ගුරුන්නාන්සේ කෙනෙක් ගෙදරකට ඇවිත් ඇයට අශුභ ග්‍රහ බලපෑමක් ඇති බවත්, එය දුරු කිරීම සඳහා චාරිත්‍ර ඉටුකරන මුවාවෙන් කාන්තාව බිය ගන්වා, ඔහුත් එක්ක ලිංගිකව විනෝද වීමට ඇයව පොළඹවලා. ඇගේ සැමියා විදේශයක රැකියාවක නිරත වන කෙනෙක්. රහසිගතව වීඩියෝ කළ මේ පුද්ගලයා දැන් විදේශයන්හි කාන්තාවගෙන් මුදල් ඉල්ලනවා,” යනුවෙන් පොලිස් නිලධාරියා පැවසීය.

තරුණ කාන්තාවන් තම පෙම්වතුන් සමඟ ඇසුරු කිරීමේ දී ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටි ඔහු අනියම් රහසිගත සබඳතා නිසා මුහුණ දිය හැකි අනතුරු පිළිබඳවත විවාහක කාන්තාවන්ට අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka