gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආගම දඩමීමා කරගනිමින් නටන විමල්, ගම්මන්පිල කාලකණ්ණී ඇටසැකිලි...

පසුගිය 2019 වසරේ කටයුතු කරපු ආකාරයටම මේ මොහොතේ ආගම දඩමීමා කරගනිමින් තමන්ගේ කල්ලි යොදාගෙන කටයුතු කරන බව වමේ කේන්ද්‍රය කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි.

ආගම දඩමීමා කරගනිමින් කටයුතු කරන ඇටසැකිලි වලට පණ දෙන්න එපා බවත් විමල් වීරවංශ සහ ගම්මන්පිල වගේ කාලකණ්ණී ඇටසැකිලි වලට පණ දෙන්න එපා බවද කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි.

කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කළේ,

“නැවත වතාවක් අපිට ජේනවා 2019 කටයුතු කරපු ආකාරයටම මේ මොහොතේ ආගම දඩමීමා කරගනිමින් තමන්ගේ කල්ලි යොදාගෙන කටයුතු කරනවා. මේ කණ්ඩායම් මේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි.

මේ වනචර, දේශපාලන සංස්කෘතියේ ඒ දේශපාලන කල්ලිය යොදාගෙන තියෙන අම්බැට්ටයෝ. බලන්න ඇවිල්ලා ඉන්න පිරිස කවුද කියලා. මේ අයම තමයි 2019 මේ ⁣ප්‍රශ්නය මතු කළේ.

2019 දී මේ රට ලේ විලක් දක්වා ගෙනයන තැනට අවශ්‍ය කරන උසිගැන්වීම් කළේ මෙන්න මේ තක්කඩි. ඒ ම්ලේච්ඡ ප්‍රහාරය ගෙනාවේ බලය සඳහා. මේ වනචර පවුල බලය අතට ගන්න ගෙන ගිය දේශපාලන, සිවිල්, මිලිටරි කුමන්ත්‍රණයක්.

ඕක අපි හැමදාම කිව්වා. උන් බලයේ ඉද්දිත් කිව්වා. මේක පිටිපස්සේ ඉන්නේ මේ වනචර පවුල කියලා. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ඕනේ කරන්නේ මේ ආණ්ඩුව සක්සුදක් සේ ඒක ඔප්පු කරලා පෙන්නන්න විතරයි.

ඇටසැකිලි වලට පණ දෙන්න එපා. විමල් වීරවංශ වගේ කාලකණ්ණී ඇටසැකිලි වලට පණ දෙන්න එපා. ගම්මන්පිල වගේ කාලකණ්ණී ඇටසැකිලි වලට පණ දෙන්න එපා. ඒ නිසා ජනතා අභිලාෂයට අනුව කටයුතු කරන්න.

ඒක මේ රජයේ වගකීමක්. මේ ඒ අභිලාෂය ඇතුලේ තියෙනවා යුක්තිය ඉල්ලා කරන සටන. පාස්කු දින සිදුවුණු ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට ඒක පිටිපස්සේ ඉන්න මේ කාලකණ්ණි, නන්නත්තාර, වනචර දේශපාලන සංස්කෘතිය කුදලගෙන යන එක මේ රටේ ජනතාවගේ අභිලාෂය.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් වමේ කේන්ද්‍රය කැඳවුම්කරු චමීර පෙරේරා මේ බව සඳහන් කරයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka