gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

‘දැයට කිරුළ’ ප්‍රදර්ශන දෙකක මිලියන 700ක වංචාවක්!

2012 අනුරාධපුර ඔයාමඩුවේදී සහ 2013 අම්පාර හාඩි විද්‍යාලයේදී පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් වංචාවට සහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එවකට දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (12දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවති මෙම ප්‍රදර්ශනවලදී මෙම මුදල් වංචාව සිදුව ඇති බව පැවසේ. අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනයට මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 630ක්, පරිසර අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 65ක් ද අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 130ක් සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයන්ගෙන් රුපියල් මිලියන 157ක්ද ලබාගනිමින් සාපරාධී විශ්වාසය කඩකර රාජ්‍ය මුදල් අවභාවිත කර ඇතැයි පැමිණිල්ලෙන් දන්වා තිබේ.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

සුජීව තත්සර

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka