gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

”ප්‍රියංකර අවුරුදු 7ක් තිස්සේ එක තැනක…මම දැන් හිතන්නෙ ප්‍රියංකර කියන්නේ සැමියා නෙමෙයි තවත් දරුවෙක් කියලා.” – දිල්හානි ඒකනායක

ප්‍රියංකර පෙරේරා – දිල්හානි ඒකනායක කියන්නෙ, කලාවේ සොඳුරු හමුවීමක්.

ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා ඉගෙනගන්න, මේ ආදර කතාව හොඳටම ප්‍රමාණවත්.

කවුරුත් දන්නා පරිදි, ප්‍රියංකර පෙරේරා පසුවන්නෙ අසනීප තත්ත්වයෙන්. දිල්හානි ඒකනායකට අනුව, ප්‍රියංකර පෙරේරා වසර 7ක් තිස්සේ එක තැනක.

එහෙම අසනීපව පසුවන ඔහුව, ඇය බලාගන්නේ දරුවෙක් බලාගන්නා මවක් ලෙසින්.

ඒ ගැන, පහුගිය දවසක දිල්හානි ඒකනායක මේ විදියට වචන එකතු කර තිබුණා….

”මම වැඩියෙන්ම ආස තනතුර මව කියන එක සහ දරුවා කියන තනතුර. මගේ වෙලාවෙන් ලොකු කොටසක් අම්මට යනවා. මව කියන තනතුරට මම ඉතා ප්‍රියයි.

මම අම්මා කෙනෙක් විදියට පුතාට කරන්න ඕන උපරිමය කරන්න ඇති. බලාගන්න ඇති. මෙහෙයවන්න ඇති.

ඒගොල්ලො දැන් තරුණයි. හිතන පතන විදිය වෙනස්. අපි විදියට වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

ඒ කොටස ඉවරයි.. මොකද එයා කසාද බැඳලා..

එතකොට මට තියෙන ලොකුම ඊළඟ දේ තමයි,,,
හැමෝම දන්නවා ප්‍රියංකර ටිකක් අසනීපයි කියලා. අවුරුදු 7ක් තිස්සේ එයා එක තැනක.

එතකොට එතන තමයි ලොකුම ප්‍රශ්නය පැන නඟින්නෙ.

මොකද මගේ වෘත්තියයි ඇවිදින්නවත් බැරි කෙනෙක්ව අවුරුදු 7ක් බලාගන්න එක සෙල්ලමක් නෙවෙයි.

ඒ දේවල් එක්ක මගේ ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

මම කියන්නේ හරි සරලව, පිස්සු කර කර හිටපු කෙනෙක්නෙ. ඒ ඔක්කොම මේ අවුරුදු 7 ඇතුළෙදි නැති වෙනවා මට.

මම හිතනවා ඒ වගේ දෙයක් ගෙදර ඇතුළට ආවම ගෙදර සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා.

ඒක නවත්තන්න බෑ කාටවත්.

මුලදී අපි හිතනවා ඒක ටිකක් කරදරයි, Depression වගේ වෙනවා මිනිස්සුන්ට. මම දැන් ඒකට ටික ටික අනුගතයි.

ඒකත් එක්ක මම දැන් Happy. ඒ ක්‍රමෙත් එක්ක මම දැන් සතුටින්.

ඔතෙන්ට ආවේ නැත්නම් මටත් මාව නැති වෙලා. ඒගොල්ලන්ටත් ඒගොල්ලො නැති වෙනවා…

ඇත්තටම මම දැන් හිතන්නෙ ප්‍රියංකර කියන්නේ සැමියා නෙමෙයි තවත් දරුවෙක් කියලා. දරුවෙක් විදියට බලනවා.

එතනට එන්න කාන්තාවක් දියුණු මට්ටමකින් හැදෙන්න ඕනි.

ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒත් පුළුවන්….”

උපුටාගැනීම් : Siyatha TV වැඩසටහනක් ඇසුරින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka