gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මැති ඇමති නිල නිවාස පුද්ගලික අංශයට වසර 30කට!

පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. 

එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව මඟින් තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය තාන්ත්‍රික භාවිතයන්, රජයේ හා රජයට අනුබද්ධිතආයතන මෙන්ම High-end Restaurant/Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීම නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, මූලික ව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය (PPP) යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30 ක කාලයක් සඳහා බදු පදනමින් ලබා දීමට සැලසුම් කර තිබේ. 

ඒ සඳහා යෝග්‍ය ආයෝජකයින් හඳුනා ගැනීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka