gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලොකු අම්මාගේ බය කර රු. ලක්ෂ 15ක් කොල්ල කෑ ඥාති පුතා සොයා මෙහෙයුම්!

 හල්තොට දහම් මාවතේ පදිංචිව සිටින 60 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ ගෙලට කළු පැහැති උපකරණයක් තබා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකා පලාගිය ඥාති පුත්‍රයෙකු සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. සයිප්‍රස් රටේ වසර 12ක් රැකියාව කර පැමිණ ඇති මෙම කාන්තාව වර්තමානයේ සිය නිවසේ තනිව පදිංචිව සිටින අයෙකි.

පැමිණිල්ලට අනුව, කළුතර පදිංචි ඇගේ සහෝදරියගේ පුත්‍රයා ඇගේ නිවසට පැමිණ ඇති අතර තේ එකක් පිළියෙළ කර දෙන ලෙස ඉල්ලා ඇත. තේ පානය කිරීමෙන් අනතුරුව, මීට දින කිහිපයකට පෙර ලොරියක් විකුණා ලබාගත් මුදල් පිළිබඳව ඔහු විමසා ඇති අතර, මුදල් නිවසේ නොමැති බව පැවසීමත් සමඟ සැකකරු ඇගේ පිටුපසින් පැමිණ ගෙලට කළු පැහැති උපකරණයක් තබා බිය ගන්වා ඇත.

ජීවිත තර්ජනය හමුවේ බියට පත් කාන්තාව සේප්පුවේ යතුර ලබාදී එය විවෘත කළ පසු එහි තිබූ රුපියල් ලක්ෂ 15ක මුදල කොල්ලකා සැකකරු පලාගොස් තිබේ. පලායන අවස්ථාවේදී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළහොත් ඇයව මරා දමන බවට ද සැකකරු තර්ජනය කර ඇත. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka