gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ලකුණු 14ක තියුණු ජයක් - ශ්‍රී ලංකාව පාකිස්තානය බිඳ දැම්මා!

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

දඹුල්ලේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට නියමිත පන්දුවාර 12 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.

පාකිස්තාන ඉනිමට පෙරළිකාර ආරම්භයක් ලබාදුන් නායක සල්මාන් අගා පන්දු 12කින් ලකුණු 45ක් රැස්කිරීමට සමත් විය. ඔහුට අමතරව මොහොමඩ් නවාස පන්දු 15කදී ලකුණු 28ක් හා කවාජා නෆේ පන්දු 15කින් ලකුණු 26ක් රැස්කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 35කට කඩුලු 4ක් දවාගත්තේය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 12 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස්කිරීමට සමත් විය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය රාත්‍රී 9.20ට ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 12කට සීමාකර පැවැත්විණි. තරගාවලි පරාජයෙන් බේරීමට මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය විය. 

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka