gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආපදාවලදී පාවිච්චියට අමෙරිකාවෙන් ලංකාවට හෙලිකොප්ටර් 10ක්!

ආපදා තත්ත්වයන්හිදී භාවිත කිරීම සඳහා, අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බවය.

මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.

‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාවද තානාපතිවරිය විසින් අවධාරණය කර ඇත.

මෙම හෙලිකොප්ටර් 10ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමෙන්, එහි හෙලිකොප්ටර් බලඝනය ශක්තිමත් කරමින්, නියමු පුහුණුව වර්ධනය කිරීම සහ වඩා කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සිදු කිරීමට මෙය දායක වනු ඇත.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka