gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

කොළඹ ස්පා ලෙස වෙස්වලාගත් ගණිකා නිවාස වැටළීම් පොලීසිය දැඩිකරයි

විදේශීය කාන්තාවන් සම්බන්ධව සිටි කොළඹ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් ක්‍රියාත්මක කළ බව කියන ගණිකා නිවාස වැටළීම් පොලිසිය විසින් දැඩිකර ඇත.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරක සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, වීසා කොන්දේසි උල්ලංඝනය කරන සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නියැලෙන විදේශිකයන් සම්බන්ධ පැමිණිලි ද ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊට සමගාමීව පොලිසිය විසින් කොළඹ පිහිටි, “ආයුර්වේද” හෝ “සම්බාහන” මධ්‍යස්ථාන ලෙස ලියාපදිංචි කර ඇති ආයතන පරීක්ෂා කිරීම දැඩිකර තිබේ.

පොලිස් වැටළීම් ප්‍රධාන වශයෙන් කොල්ලුපිටිය වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ගල්කිස්ස, රත්මලාන සහ මිරිහාන යන ප්‍රදේශවල ද එම වැටළීම් සිදුකරමින් සිටියි.

මේ අතර පෙරේදා දිනයේදී කොල්ලුපිටිය පොලිසිය ගාලු පාර ආසන්නයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් වටළා, රටවල් තුනකින් පැමිණි විදේශීය කාන්තාවන් දසදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

වැටළීම අතරතුර, නිලධාරීන් සැකකාරියක සතුව තිබී තීරුබදු රහිත සිගරට් තොගයක් ද සොයාගෙන ඇත.

සැකකටයුතු ආයතන බොහොමයක් ආයුර්වේද ප්‍රතිකාර සඳහා වලංගු බව පැවසෙන බලපත්‍ර භාවිත කරමින් වීසා රෙගුලාසි සහ කම්කරු නීති උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

මීට පෙර ඉකුත් ජූලි මාසයේදී, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සංචාරක වීසා මත නාගරික සම්බාහන මධ්‍යස්ථානවල නීතිවිරෝධී ලෙස සේවය කළ තායි, වියට්නාම සහ චීන කාන්තාවන් ඇතුළු විදේශීය ජාතිකයන් දසදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka